මේ විදියට database එක ඇතුලෙ tables design කලාට පස්සෙ කරන්න අවශ්‍ය වෙන්නෙ ඒ tables අතර සම්බන්ධතාවය ගොඩ නගා දීමයි (සම්බන්ධතාවය ගොඩ නගා දීම සඳහා අවශ්‍ය tabels අතර සමාන දත්ත ඇතුලත් fields තිබිය යුතුයි). ඒ සඳහා "Database Tools" කියන tab එකේ "Relationship" කියන command එක භාවිතයෙන් පුලුවන්.
ඉතින් මේ විදියට ඇතුලත් කරගත් tables ටික අතර නෑදෑකම් ඇති කරන්න ඕන අනෙක් tables අතර සමාන Fields අතරින් එකක් අනෙක් සමාන field එක මතට drag කිරීමයි (drag කරනව කියන්නෙ අවශ්‍ය ස්ථානය මත click කරගෙන (click කල බොත්තම අත නොහැර) අවශ්‍ය කරන අනෙක් තැනට ගෙනවිත් ක්ලික් කල බොත්තම අත හැරීමයි).
එතකොට මතුවෙන "Edit Relationship" window එකෙන් සෑදීමට යන නෑදෑකම කුමන ආකාරයේ එකක්ද කියල දැන ගන්න පුලුවන් වගේම "Create" button එක click කිරීමෙන් අදාල සම්බන්ධතාවය ඇති කල හැකි .
(අමතක නොකර "Enforce Referential Intergrity" මත tick කිරීමෙන්, කිසිදු සම්බන්ධතාවයක් ගොඩ නැගිය හැකිකමින් තොර (අනාථ) දත්ත, දත්ත සමුදායට(database) ඇතුලත් වීමෙන් වැලකීමට හා ඇතිකරන නෑදෑකම් අතර සම්බන්ධයන් පිලිබඳව datbase එක අවධියෙන් තැබීමටත් (දත්තයක් අලුත් කිරීමට හෝ තව දුරටත් අවශ්‍ය නොවන දත්තයක් මකා දැමීමට අවශ්‍ය වූ විට, ඒ හා සම්බන්ධ අනෙක් දත්ත වලටද බලාපොරොත්තු වූ කාර්යය එක විට ඉටු වීමට) හැකියාව ලැබෙනු ඇත).





No comments:
Post a Comment