Friday, February 24, 2012

Microsoft Office Access 2007 භාවිතා කරල Database එකක් හදමු - 01 කොටස


Microsoft Office Access 2007 මෘදුකාංගය (software) Open කරගත්තට පස්සෙ මතුවෙන අතුරු මුහුණතින්(interface) අපට පෙර සකසන sample databases ලද භාවිතා කරලා අපේ දත්ත කළමණාකරන පද්ධතිය (DBMS-DataBase Management) සකසාගන්න පුලුවන් වගේම, නව database එකක් හදාගන්න අවශ්‍ය නම්, රූපයේ ඊතලයෙන් දක්වල තියෙන "Blank Database" කියන එක උඩ Click කරලා අපට අවශ්‍ය විදියට database එකක් හදාගන්න පුලුවන්.

ඉතින් අපට අවශ්‍ය විදියට එකක් හදාගන්න කැමති නම් ඒ අයටයි මෙහි ඉදිරිය......................................


















"Blank Database" උඩ click කලාම දකුණු පැත්තෙන් මතුවෙන "Blank Database" pane එකේ "File name" කියන තැන (1) අපේ Database එක ගබඩා කරල තියන්න ඕන නම යතුරු (type) කරලා, (2) ඊතලයෙන් පෙන්නල තියෙන button එක click කලාම එන Window එකේ මේ හදන database එක ගබඩා (save) කරන්න ඕන තැන ලබාදීලා,
















database එක හදන්න "Create" විධානය දීමෙන් අපේ වැඩ පටන් ගන්න පුලුවන්.









දැන් open වෙලා තියෙන්නෙ අපි හදපු Database එක Sample table එකක් එක්ක.

මේ table එක අපිට අවශ්‍ය කරන තරමේ table එකක් නොවන නිසා මේ table එක අපට අවශ්‍ය විදියට design කරගන්න ඕන වෙනවා.

No comments:

Post a Comment