Friday, February 24, 2012

Microsoft Office Access 2007 භාවිතා කරල Database එකක් හදමු - 05 කොටස

ඊලඟට අපිට කරන්න අවශ්‍ය වෙන්නෙ අප සාදාගත්තු දත්ත සමුදායට (database එකට) දත්ත ඇතුලත් කිරීමයි.අදාල tables වල datasheet view එකට පිවිසීම මගින් අපට දත්ත ඇතුලත් කිරීමේ කාර්යය කරන්න පුලුවන්. ඒ වගේම දත්ත ඇතුලත් කිරීමට පුලුවන් තවත් ක්‍රමයක් access සතුව තියෙනවා. ඒ තමයි forms. form එකක් නිර්මාණය කරගත් විට අපිට form එකක් හරහා අපට datasheet එකක මෙන් (forms භාවිතය datasheet එකකට පහසුයි) database එකට දත්ත ඇතුල් කරන්න පුලුවන්.

ඒ සඳහා සරලව form එකක් "Create" ටැබ් එකේ "Forms" කියන group එක තුල "Form" කියන command එක භාවිතා කරල හදාගන්න පුලුවන්.

නමුත් ටිකක් විශේෂ විදියකට form එකක් හදාගන්න ඕනෙ නම් "More Forms" තුලින් "Form Wizard" වෙත පිවිසීම මගින් කරගන්න පුලුවන්.

"Form Wizard" භාවිතා කරනව නම් wizard එකට පිවිසි ගමන් කරන්න තියෙන්නෙ form එක සෑදීම සඳහා මූලික වෙන table එක (හෝ query එක) සතු fields තෝරා දීමයි (මේ සඳහා table කිහිපයකින් වුවද feilds තෝරා දෙන්න පුලුවන් කම තියෙනවා).

ඊලඟ පියවරේදී සිදුකරන්න තියෙන්නෙ form එකේ ආකෘතිය (layout) තෝරා දීමයි.

Columnar Layout

Tabular Layout

Datasheet Layout

Justified Layout


මේ පියවරේදී කරන්න තියෙන්නෙ form එකේ මෝස්තරය (style) තෝරා දෙන්න.

එළැඹෙන අවසාන පියවරේදී,
"Open the form to view or enter information" කියන එක සලකුණු කරල "Finish" කලොත් අදාල form එක දත්ත ඇතුලත් කරන සාමාන්‍ය ආකාරයෙන් විවෘත වෙනවා. "Modify the form's design" සලකුණු කලොත් අදාල form එක design view එකෙන් විවෘත වන අතර එහිදී form එකේ අපට අවශ්‍ය ලෙස සැලසුම් කර සකසා ගන්න පුලුවන්.


 form එක අපට අවශ්‍ය විදියට design කරගන්න යනවා නම්....................
මෙහි "Design" tab එකේ,
"View" group එකේ "View" button එකෙන්, සුපුරුදු ලෙස.........වීමටත්,
"Font" group එකේ commands මගින්, form එකේ text formatting වැඩකටයුතු වලටත් යොදාගන්න පුලුවන්.
"Controls" group එක සමන්විත වෙන්නෙ, forms වල සිට, අපට අවශ්‍ය ලෙස forms හැසිරවිය හැකි (පාලක) විධාන buttons, form එක තුලට ඇතුලත් කරන්න පුලුවන් commands වලින්
Logo - form එකට ලාංඡනයක් ලෙස භාවිතා කල හැකි picture එකක් ඇතුලත් කිරීමට,
Title - form එකට මාතෘකාවක් ඇතුලත් කිරීමට
Page Numbers - form එකට පිටු අංක ඇතුලත් කිරීමට
Date & Time - form එකට දිනය හා වේලාව ඇතුලත් කිරීමට



Text - form එක මගින් ඒ හා සම්බන්ධ table එකට දත්ත ඇතුලත් කරන්නෙ ප්‍රධාන ලෙස මෙමගින්ය.







Label












Button - මෙමගින් form එක තුල, සුපුරුදු button එකක් මෙන්, විවිධ විධාන ක්‍රියාත්මක කිරීමට යොදාගත හැකියි. button එකක් form designing work space එකට එකතු කරගැනීමෙන් පසු මතුවෙන "Command button Wizard" මගින්, එම command button එකෙන් සිදු විය යුතු කාර්යය, විධාන කල හැක.






Combo Box - කුඩා menu එකකට සමානය.












List Box - ළැයිස්තුවකින් දත්ත තෝරාදීමට







Subform - අදාල form එක තුලම, වෙනත් form එකක් මෙමගින් ඇතුලත් කල හැක.








Lines සහ Rectangles











Bound Object Frame - form එකට ලබාදෙන (පාලක) විධාන මේ මගින් කාණ්ඩ කර, වෙන වෙනමම පවත්වා ගන්නට මේක උදවු කරගන්න පුලුවන්









Option Groups, Check Boxes, Option Boxes, Toggle Buttons, Tab Control (මේ පිලිබඳව වැඩිදුරටත් Visual Basic පාඩමේදී ඉගෙන ගන්න පුලුවන්)











Chart - යම් කිසි ටේබ්ල් එකකට හෝ ක්වරි එකකට අදාලව ප්‍රස්ථාරයක් ෆෝර්ම් එකට ඇතුලත් කිරීමට





Object - MS Office හා සම්බන්ධ ගොනුවක් හෝ Paint වැනි මෘදුකාංගයකින් නිර්මාණය කල ගොනුවක් සබැඳීමට








Image - යම් කිසි image එකක් form එක මත දර්ශනය කරවීමට

No comments:

Post a Comment