ඒකට අපි යන්න ඕන තැන වන design view එකට යන්න ක්‍රම කීපයක් තියෙනවා.
01. එකක් home tab එකෙන් views group එකේ view menu (1) එකේ design view (2)
02. අනෙක datasheet tab එකෙන් (home tab එක වගේම) views group එක තුල view menu (1) එකේ design view (2)
03. තුන්වැන්න navigation pane එකේ sample table එක පෙන්වන තැන (1) right click කර design view (2)
04. සතරවැන්න working space එකේ table එක (මේ වෙලාවෙ sample table එක) පෙන්වන tab එක මත right click කරල එන menu එකෙන් design view ලබාදීම.
(මේ අවස්ථා මගින් (2 හා 3 හැර) මගින් tables වල design view එකටම විතරක් නෙමේ නැවත datasheet view එකට, pivot table view, pivot chart view මෙන්ම quaries සෑදීමේදී SQL view එකට ආදී ඕනෑම view එකකට පිවිසෙන්න පුලුවන්)
මේ කුමන ක්‍රමයකින් හෝ design view එකට යාමේදී අපට ලබාදී තිබුන sample table එක ගබඩා කිරීමට අවශ්‍ය වෙනව (මුලදී පලමුවෙන්ම ගබඩා කලේ database එක.දැන් ඒ database එක ඇතුලෙයි table එක save කරන්නෙ ). ඉතින් table name කියන තැන (1) table එක save කළ යුතු නම ලබා දීල OK button එක (2) click කිරීමෙන් පසු අප පිවිසෙන්නේ design view එකට.
design view එකෙන් අපි මූලිකවම කරන්නෙ අපේ database එක තුල තියෙන table වල තීරු (Fields) design කිරීමයි. design view එකට ආවම work space එකේ පෙන්නන field name (1) කියන column එකෙන් අපට table එකේ අදාළ column එකට තිබිය යුතු නම ලබාදෙන්න පුලුවන්. datatype (2) කියන column එකෙන් අදාල field එකට ඇතුලත් කරන දත්ත වල වර්ගය ලබාදිය හැකි. discription (3) කියන column එකේ අප ඇතුලත් කරන්නෙ ඒ field එක ගැන විස්තරයක්.






No comments:
Post a Comment